සැමවිටම රුසියාවටත් ගරු කරන්න - මැක්‍රොන් ඉල්ලයි


රුසියාව සමග සංවාදය සැමවිටම පදනම් විය යුත්තේ රටක් ලෙස එයට ඇති ගෞරවය මත බව යැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර තිබේ.

ඉදිරි ප්‍රංශ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස සිය පළමු වැනි කතාවේදී මැක්‍රොන් සිය කතාවේ කොටසක් යුක්රේනයට එරෙහි රුසියානු ප්‍රහාරයට කැප කළ ඔහු, එය ඓතිහාසික වැරැද්දක් ලෙස නම් කළේය.

"සහෝදර ජනතාවකට එරෙහිව සටන් කිරීම සහ නරකම ආකාරයෙන් එය විනාශ කිරීමට හා අවමන් කිරීමට කැමති වීම වශයෙන් ගත්තොත් මෙය ඓතිහාසික වැරැද්දක්" යැයි මැක්‍රොන් පැවසීය.

එසේ වුවද, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග නිරන්තරයෙන් කතා කරන බටහිර නායකයින් කිහිප දෙනාගෙන් කෙනෙකු වන ප්‍රංශ ජනාධිපතිවරයා, සංවාදය දිගටම කරගෙන යාමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, "රුසියාව සමග සැමවිටම සංවාදයක නිරත නොවන්නේ නම් කල්පවත්නා සාමයක් යුරෝපා මහාද්වීපයේ නැත්වේවි." යැයි පැවසීය.

ජාත්‍යන්තර ප්‍රජාවේ පරම අරමුණ විය යුත්තේ දැන් "යුද්ධය තීව්‍ර කිරීම සහ ප්‍රසාරනය වීම වැලැක්වීම" බව තර්ක කරමින් මැක්‍රොන් තවදුරටත් කියා සිටියේ "රටක් සහ රුසියානු ජනතාව ලෙස රුසියාවට සැමවිටම ගරු කිරීම" වැදගත් බවයි.



Recommended Articles