සැන්සිබාර් දූපත් වෙත එන සංචාරකයන්ට ආරක්ෂාවක්


ටැන්සානියාවේ සැන්සිබාර් දූපත් සමූහයේ ජනාධිපති හුසෙයින් අලි මවුනි විසින් එම දිවයිනට පැමිණෙන සියලුම සංචාරකයන් ආරක්ෂා කිරීමට විශේෂ පොලිස් එක්කයක් හඳුන්වා දී තිබේ.

සහකාර පොලිස් කොමසාරිස් ඉයුජින් එමානුවෙල් පැවසුවේ අලුතින් ආරම්භ කරන ලද විශේෂ පොලිස් ඒකකය නිලධාරීන් 150දෙනෙකුගෙන් සමන්විත බවයි.

පොලිස් ඒකකය දියත් කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ නව විශේෂ පොලිස් ඒකකය සැන්සිබාර් දූපත් සමූහයේ අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීමට යොදා ගන්නා බවයි.

"නව ඒකකයට අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන් වෘත්තීයමය වශයෙන් කටයුතු කළ යුතු අතර අමුත්තන්ගේ විශ්වාසය දිනාගත යුතුයි. ඒ වගේම සැන්සිබාර් සාමකාමී ගමනාන්තයක් බවට පත් කළ යුතුයි" යනුවෙන් ජනාධිපති මවුනි පැවසුවේය.

සැන්සිබාර් යනු ඉන්දියන් සාගරයේ පිහිටි ටැන්සානියාවේ අර්ධ ස්වයං පාලන දූපත් සමූහයකි. සංචාරක ව්‍යාපාරය සැන්සිබාර්හි විශාලතම ආර්ථික අංශය වන අතර දේශීය සමාජ ආර්ථික ස්ථාවරත්වය සඳහා එය අත්‍යවශ්‍ය වේ.



Recommended Articles