යුක්රේනයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡා මේසයට ගියත්, මේ සාකච්ඡා අතරතුර යුක්රේනයේ සිය හමුදා මෙහෙයුම අත්හිටුවීමක් සිදු නොකරන බව රුසියාව පවසයි.
මීට පෙර, යුක්රේන ජනාධිපති වොල්ඩොමීර් සෙලෙන්ස්කි බෙලාරුසියානු-යුක්රේන දේශසීමාවේදී රුසියාව සමග සාකච්ඡා කිරීමට එකඟ විය.
සෙලෙන්ස්කි පැවසුවේ සාකච්ඡා පැවැත්වීම සඳහා ඉදිරිපත් වූ ඔහුගේ බෙලාරුසියානු සහකරු ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සමග වැදගත් සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
යුක්රේනයට ඇතුළු වී දින හතරකට පසු රුසියානු හමුදා රටේ දෙවැනි නගරය වන ඛර්කිව් වෙත ඇතුළු වී වෙඩි හුවමාරුවල නිරත වූහ.
යුක්රේනය තුළ සිදුවන රුසියානු මෙහෙයුමට එරෙහිව ගෙනෙන ඕනෑම ප්‍රතිචාරයකට සූදානමින් සිටින ලෙස සිය න්‍යෂ්ටික හමුදා ඒකක ඇතුළු හමුදා බලකායන්ට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් නියෝගයක් සිදුකර තිබේ.