රාජකාරියේ නිරතව සිටියදී තම ජංගම දුරකථනවල ටික්ටොක් යෙදුම භාවිත කිරීම ස්වීඩන් හමුදා සාමාජිකයන්ට තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.
ආරක්ෂක හේතූන් මූලික කර ගනිමින් චීන හිමිකාරීත්වයක් සහිත යෙදුම භාවිත නොකරන ලෙස මෙලෙස හමුදා සාමාජිකයන්ට උපදෙස් ලැබී ඇත්තේ ස්වීඩන් ආරක්ෂක අමාත්‍යාංශය මෙම තීරණයට එළැඹීමත් සමගිනි.
මෙම තහනම පසුගිය සති කිහිපය තුළ යුරෝපා සංගමයට අයත් රටවල ක්‍රියාත්මක වූ තහනම් අනුගමනය කිරීමක් හා සමාන වන අතර, ප්‍රංශය එරට රජයේ සේවකයන්ට ටික්ටොක් යෙදුම ඩවුන්ලෝඩ් කිරීම තහනම් කරනු ලැබිණි.
එමෙන්ම, නෝර්වේ පාර්ලිමේන්තුව සතු ජංගම උපකරණ තුළ ටික්ටොක් යෙදුම භාවිත කිරීම තහනම් කෙරුණු අතර, බ්‍රිතාන්‍ය සහ බෙල්ජියමද එරට රජයේ ජංගම දුරකථනවල ටික්ටොක් යෙදුම භාවිතය තහනම් කර තිබුණි.