ස්වීඩනයේ මුස්ලිම් පල්ලියක් අසල කුරානයක් ගිනි තබලා


ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පිහිටි ප්‍රධාන මුස්ලිම් පල්ලියක් අසල ඊද් ආගමික වතාවත් පැවති අවස්ථාවේදී අන්තවාදියෙකු කුරානයකට ගිනි තැබීමක් සිදුකර තිබේ.

ස්වීඩනයේ වෙසෙන ඉරාක ජාතිකයෙකු බව පැවසෙන සල්වාන් මොමිකා නැමැත්තා මධ්‍යම පල්ලියෙන් පිටතදී මෙසේ ඉස්ලාමයේ ශුද්ධ ග්‍රන්ථයේ පිටපතකට ගිනි තබා තිබුණි.

කුරානයට ගිනි තැබීමට පෙර මෙම පුද්ගලයා ඔහු පැලඳ සිටි සපත්තුවක් ගලවා කුරානයේ පිටු කිහිපයක් වෙත පහරදී ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, වහාම මැදිහත් වූ ස්වීඩන් පොලීසිය පසුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles