ස්වීඩනය රුසියානු සයිබර් ප්‍රහාරයක් ගැන බියෙන්ලු


නේටෝ (උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය) සමග සම්බන්ධ වීමට ස්වීඩනය ගත් තීරණය සමග එරටට සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදු විය හැකි බව එහි අගමැතිනිය අනතුරු අඟවා තිබේ.

අඟහරුවාදා උදෑසන, ලොව විශාලතම හමුදා සන්ධානයට බැඳීමට රට අවසානයේ අත්සන් තැබීය. ඒ අගමැතිනී මැග්ඩලීනා ඇන්ඩර්සන් ස්වීඩන් පාර්ලිමේන්තුවේ පිටුබලය ඇතිව ඓතිහාසික තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසුවය.

එසේ කිරීමෙන්, සන්නද්ධ ගැටුම්වලදී මධ්‍යස්ථභාවය පිළිබඳ තම රටේ ප්‍රතිපත්තිය පසුගිය ශතවර්ෂ දෙක තුළ හොඳින් සේවය කර ඇති බවත්, නමුත් යුක්රේනයේ ගැටුම ආරම්භයේ සිට කලාපීය ආරක්ෂක තර්ජනය සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති බවත් ඇය අවධාරණය කළාය.



Recommended Articles