ස්වීඩනය නැතිව ෆින්ලන්තය නේටෝවට සම්බන්ධ වන්නෑ


ස්වීඩනය නොමැතිව එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ කණ්ඩායමට ෆින්ලන්තය එක් නොවන බව ෆින්ලන්ත ජනාධිපති සෝලි නිනිස්ටෝ පැවසයි. නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මෙසේ පවසා සිටියේය.

"මම කියනවා ස්වීඩනයේ ප්‍රශ්නයත් අපේ කියලා. ඒ කියන්නේ අපි තව දුරටත් අත්වැල් බැඳගෙන යනවා" ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

නේටෝ ප්‍රධානියා, ඔහුගේ පැත්තෙන්, ෆින්ලන්තයේ සහ ස්වීඩනයේ ලංසු පිළිගැනීමට සන්ධානය කිසිදු කාල සීමාවක් පනවා නැති නමුත් ඔවුන් සහ තුර්කිය අතර ඇති වෙනස්කම් හැකි ඉක්මනින් සමනය කිරීමට උත්සාහ කරන බවට සංඥා කළේය. ස්ටෝල්ටන්බර්ග් අවධාරණය කළේ, ජූනි මස අගදී පැවැත්වීමට නියමිත සන්ධානයේ එලැඹෙන සමුළුව, අනාගත සාමාජිකයන් දෙදෙනා පිළිගැනීමට නියමිත කාලසීමාව ලෙස කිසිවිටෙක නොසැලකිය යුතු බවයි.



Recommended Articles