ස්විස් රජයත් කොවිඩ් සීමා ඉවත් කිරීම අරඹයි


ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් අවුලුවන ආසාදන වැඩිවීම සෞඛ්‍ය සේවා පද්ධතිය යටපත් කරනු ඇතැයි යන බිය පහව ගිය හෙයින් ස්විට්සර්ලන්තය 16දා මධ්‍යම රාත්‍රියේ සිට එහි කොවිඩ්-19 වෛරස් වසංගත සීමාවන් ඉවත් කරන බව එරට රජය පවසයි.

රජය පැවසුවේ පොදු ප්‍රවාහනයේදී සහ සෞඛ්‍ය සේවා පහසුකම් වෙත පැමිණීමේදී මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාව පමණක් වෙනස්කම්වලින් පසුව තාවකාලිකව ක්‍රියාත්මක වන අතර, මේ සමග එරට මහජන ජීවිතයට වසර දෙකකට ආසන්නව පැවති සීමාවන් අවසන් වේ.

ස්විට්සර්ලන්තය තුළද එන්නත්කරණය වේගවත් කිරීම සහ බූස්ටර් මාත්‍රාවන් ලබාදීමද සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගැනීමද මෙම නව තීරණයට හේතු වී තිබේ.



Recommended Articles