ස්විට්සර්ලන්තය ගිනි පාගන්න ගිහින් තුවාල


ස්විට්සර්ලන්තයේ සූරිච් ප්‍රාන්තයේ කණ්ඩායම් හැඟීම ගොඩනැගීමේ වැඩසටහනක ගිනිපෑගීමේ ක්‍රියාකාරකමක් දරුණු ලෙස වැරදී යාමෙන් පුද්ගලයන් 25දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙසේ තුවාල ලැබූවන්ගෙන් 13දෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

එරට අලෙවිකරණ හා ප්‍රචාරණ සමාගමක අභ්‍යන්තර ආයතනික සිදුවීමක් ලෙස මෙය පැවැත්වී ඇති අතර, ස්විට්සර්ලන්ත පොලීසිය හා වෛද්‍ය සේවාවන් සඳහා අවසානයේ මෙය ප්‍රධාන මෙහෙයුමක් බවට පත්ව ඇත.

මානසික සහ පෞරුෂත්ව පුහුණුවේ කොටසක් ලෙස ගිනිපෑගීම එම වැඩසටහනට එක්කර ඇති අතර, මෙය පුද්ගල ආත්මය නැංවීමේ සිදුවීමක් ලෙස සැලසුම් කර තිබූ බවද කියයි.



Recommended Articles