ස්ලෝවේනියාව කොවිඩ්-19 සීමාවන් ලිහිල් කිරීම අරඹයි


ස්ලෝවේනියාවේ, පසුගිය සති කිහිපය තුළ නව දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් පහත වැටී ඇති බැවින් එරට තුළ කොවිඩ්-19 සීමාවන් ලිහිල් කිරීම අරඹා තිබේ.

සෙනසුරාදා සිට, එන්නත් සහතිකයක්, සෘණ කොවිඩ්-19 පරීක්ෂණයක් හෝ ප්‍රකෘතිමත් වීමේ සාක්ෂි නොමැතිව ස්ලෝවේනියාවට ඇතුළු විය හැකි බව බලධාරීන් පවසයි.

රට තුළ කොවිඩ්-19 සහිත කෙනෙකු සමග සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් පසු පුද්ගලයින්ට තවදුරටත් ස්වයං හුදකලා වීමට අවශ්‍ය නොවන බවද රජය සඳහන් කරයි.

සිකුරාදා රට තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් 3,731ක් වාර්තා වූ අතර, එය දිනකට පෙර 3,818 සිට අඩු වී ඇති අතර පෙබරවාරි 1දා සිට ලියාපදිංචි වූ දෛනික ආසාදන 24,230ක අගයට වඩා මේ වනවිට දෛනික ආසාදන බෙහෙවින් අඩු බව මහජන සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් සියලුම ගෘහස්ථ පොදු අවකාශයන්හි මුඛ ආවරණ විධානයක් සහ එන්නත් සහතිකයක් ඉදිරිපත් කිරීම ආදී ඇතැම් සීමා කිරීම් දිගටම ක්‍රියාත්මක වේ. එමෙන්ම, ඇතැම් පොදු ගෘහස්ථ අවකාශයන්හි ධාරිතා සීමාවන් දිගටම ක්‍රියාත්මක බවද පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, රෝහල්වල කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පහත වැටෙන තුරු අවසාන සීමාවන් ඉවත් කළ නොහැකි බවයි.

වෛරසය ආසාදිතව සිකුරාදා වනවිට පුද්ගලයින් 900කට ආසන්න සංඛ්‍යාවක් රෝහල් ගත කර ඇති අතර, ඔවුන්ගෙන් 103දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටින බව අමාත්‍යවරයා පැවසීය.



Recommended Articles