ස්ලෝවැකියාව රුසියානු ගෑස් සඳහා රුබල්වලින් ගෙවයි


ස්ලෝවැකියාව රුසියානු ස්වාභාවික ගෑස් සඳහා රුබල් වලින් ගෙවන බව එරට ආර්ථික අමාත්‍ය රිචඩ් සුලික් පවසා තිබේ.

"රූබල්වලින් ගෙවීමට කොන්දේසියක් තිබේ නම්, අපි රූබල් වලින් ගෙවන්න සූදානම්" සුලික් පැවසීය. සියලුම ස්ලෝවැකියානු ගෑස් සැපයුමෙන් දළ වශයෙන් 85%ක් රුසියාවෙන් ආනයනය කරන බව ඔහු අවධාරණය කළේය. එබැවින් රටේ බලධාරීන් මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ක්‍රියාකරන බවද හෙතෙම සඳහන් කළේය.

"අපට ගෑස් කපා හැරිය නොහැකිය. එය අත්‍යවශ්‍යයි" ඒකාබද්ධව විසඳුමක් සොයන ලෙස යුරෝපයේ සෙසු රටවලින්ද ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.



Recommended Articles