ස්ලොවේනියාවේ පසුගිය අපේ‍්‍රල් 24 වැනිදා පැවති මහ මැතිවරණයෙන් තේරී පත් වූ නව පාර්ලිමේන්තුව සිකුරාදා සිය පළමු සැසිවාරය පවත්වා එරට ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු කථානායකවරිය ලෙස තෝරා පත්කර ගෙන තිබේ.
රහස් ඡන්දයකදී පක්ෂව ඡන්ද 55ක් සහ විපක්ෂව ඡන්ද 25ක් ලබාගනිමින් හිටපු විනිසුරුවරියක වූ උර්ස්කා ක්ලැකෝකාර් කථානායක ධුරයට තේරී පත් විය.
ඇය පාර්ලිමේන්තු ආසන 90න් 41ක් හිමිකර ගනිමින් මහ මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් මධ්‍ය-වාමාංශික නිදහස් ව්‍යාපාරයේ (FM) සාමාජිකාවකි. එය 1991 දී ස්ලෝවේනියාව නිදහස ලැබීමෙන් පසුව දේශපාලන පක්ෂයක් සඳහා වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි වූ අවස්ථාවක වෙයි.