ස්පේස් එක්ස් හි ප්‍රථම සිවිල් අභ්‍යවකාශ ගමන සාර්ථකයි


සිවිල් පුද්ගලයන් සිව් දෙනෙකු ප්‍රථම වරට අභ්‍යවකාශයට රැගෙන ගිය ස්පේස් එක්ස් අභ්‍යවකාශ මෙහෙයුම, දින තුනක් අභ්‍යවකාශයේ කිරීමෙන් පසු අද (18දා) සවස එම කැප්සුලය ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයට ගොඩබැස තිබේ.

මෙය ඉතිහාසයේ ප්‍රථම සිවිල් පුද්ගලයන් රැගත් කක්ෂීය මෙහෙයුමක් සාර්ථකව අවසන් කිරීමක් වන අතර, එහි වෘත්තීය ගගනගාමීන් කිසිවෙකු ගමන් නොකිරීම සුවිශේෂී අවස්ථාවකි.

විශාල පැරෂුට් 4ක් කැප්සියුලය සාගරය මතට එක්වරම පතිතවීම මන්දගාමී කළ අතර, ස්පේස් එක්ස් බෝට්ටු වහාම එය ලබා ගැනීමට කටයුතු කළේය.

මෙම පිරිසගේ ගුවන් ගමන් කට්ටල සැලසුම් කර තිබී ඇත්තේ මැදිරිය උණුසුම් වුවහොත් ඒවා සිසිල්ව තබා ගැනීම සඳහා ය. මෙම සාර්ථක ගමනත් සමග ලොස් ඇන්ජලීස්හි තදාසන්න ප්‍රදේශයක පිහිටි ස්පේස් එක්ස් ගුවන් පාලක මධ්‍යස්ථානයෙන් අත්පොළසන් හඬ ඇසුණු බව විදෙස් වාර්තා පවවසයි.

ටෙස්ලා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක් විසින් ආරම්භ කරන ලද පුද්ගලික රොකට් සමාගම වන ස්පේස් එක්ස් පැවසුවේ සිවිල් කාර්ය මණ්ඩලය කැප්සියුලයෙන් පිටතට ගැනීමට පැයක් පමණ ගත වූ බවයි. මැදිරිය තුළ සිට කැමරාවක සටහන්ව තිබුනේ ඔවුන් සන්සුන්ව තම අසුනට තදින් වාඩි වී සිටින ආකාරයයි.

ස්පේස් එක්ස් හි අදියර දෙකකින් නැවත භාවිත කළ හැකි ෆොල්කන් 9 රොකට්ටුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා ඉන්ස්පිරේෂන් 4 කණ්ඩායම කේප් කැනවරල්හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩු ගුවනට ගියේය.

පැය තුනක් ඇතුළත, කාර්ය මණ්ඩල කැප්සියුලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හෝ හබල් දුරේක්ෂයට වඩා ඉහළින් හෙවත් කි.මී 585කටත් වඩා ඉහළින් කක්ෂගත විය.

එලොන් මස්ක්ගේ නව අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයේ ප්‍රථම ගුවන් ගමනද ඒ අනුව අභ්‍යවකාශ ගමන්වල ප්‍රීතිය අත්විඳීමට සහ ආධුනික ගගනගාමීන්ට තටු ලබාදීමට අවස්ථාවක් උදාකර ඇත්තේ, අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයේ ඉහළ ස්ථානයක් ස්පේස් එක්ස් වෙතද ලබාදෙමිනි.



Recommended Articles