ස්පුට්නික්-වී නිෂ්පාදනයට චීන සමාගමක් සැරසෙයි


කොවිඩ්-19 වෛරසයට එරෙහිව රුසියාවේ මාත්‍රා දෙකකින් යුතු ස්පුට්නික්-වී එන්නත් මාත්‍රා මිලියන 100කට වඩා නිපදවීමට චීනයේ ටොප්රිජ් ෆාමා ඖෂධ සමාගම එකඟ වී ඇති බව රුසියානු සෘජු ආයෝජන අරමුදල පවසයි.

ගෝලීය වශයෙන් ස්පුට්නික්-වී එන්නත අලෙවි කිරීම සඳහා කටයුතු කරන මෙම අරමුදල, චීනයේදීද එන්නතේ සායනික අත්හදා බැලීම් සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමටත්, එහි භාවිතය ප්‍රවර්ධනය කිරීමටත් දෙපාර්ශ්වයම සැලසුම් කර ඇති බව පවසයි.



Recommended Articles