ස්පුට්නික්-වී එන්නතට WHO අනුමැතිය ලැබෙන බව කියයි


කොවිඩ්-19 ට එරෙහි ස්පුට්නික්-වී එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ගැනීමට සූදානම් බව රුසියානු සෞඛ්‍ය ඇමති මිහායිල් මුරෂ්කෝ පැවසීය.

"අද වනවිට පැවති සියලු බාධක ඉවත් කර තිබෙනවා. අපගේ වැඩ කටයුතු කරගෙන යාමට කිසිදු බාධාවක් අපට පෙනෙන්නේ නැහැ" යනුවෙන් ඔහු ජිනීවාහිදී වාර්තාකරුවන්ට පැවසීය.

ස්පුට්නික්-වී එන්නත ලෝකය තුළ මේ වනවිට භාවිත වෙමින් තිබුණද, ඒ සඳහා මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත අනුමැතිය හිමිව නොතිබුණි.



Recommended Articles