ස්පාඤ්ඤයේ හිටපු පළමු වැනි ජුවාන් කාලෝස් රජු දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටීමට තීරණය කර ඇති බව මැඩ්රිඩ් රාජකීය මාලිගය ප්‍රකාශ කරයි.
ඒ රටේ අභිචෝදක කාර්යාලය ඔහුගේ ව්‍යාපාරික ගනුදෙනු සම්බන්ධයෙන් සිදු වූ බව කියන වංචා පිළිබඳ විමර්ශන දෙකක් ඉවත දැමීමෙන් සතියකට පසුවය.
2020 අගෝස්තු මාසයේදී ස්පාඤ්ඤයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටත්ව ගිය 84 හැවිරිදි ජුවාන් කාලෝස් රජු, පසුගිය වසර දෙක තුළ ස්පාඤ්ඤයේ සහ ස්විට්සර්ලන්ත බලධාරීන් විසින් බහුවිධ මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනවලට භාජනය වී ඇත.