ස්පාඤ්ඤයේ කොවිඩ් අලුත් රැල්ල තෙගුණයක් වෙලාලු


ස්පාඤ්ඤයේ නව කොරෝනා වෛරසය ආශ්‍රිතව ඇතිව තිබෙන දෙවැනි රැල්ල සමග පසුගිය සති තුනක කාලයේදී ආසාදිතයන් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත්, ප්‍රධාන වශයෙන් කැටලෝනියා සහ අරගොන් ප්‍රදේශවල නැවුම් පොකුරු රැසක් පාලනයකිරීමට සෞඛ්‍ය අංශ හා බලධාරීන් දැඩි පරිශ්‍රමයක නිරතව සිටින බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගිය අප්‍රේල් මස මුල් භාගයේදී දෛනිකව ආසාදිතයන් දහස් ගණනක් සහ මරණ සිය ගණනක් වාර්තා වූ ස්පාඤ්ඤය, ක්‍රමිකව ආසාදිතයන් සංඛ්‍යාව අඩුකර ගැනීමට සමත් විය. ඒ අනුව සංචරණ සීමා ඉවත් කරමින් රට විවෘත කිරීමත් සමග මේ වනවිට නව පොකුරු 201ක් පමණ හඳුනාගෙන ඇති බවත්, කැටලන් නගර සහ ඒ අවට බාර්සිලෝනා සහ ලලීඩා ආශ්‍රිතව ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බව සඳහන් කරයි.

ඒ අනුව සති අන්තයේදී නව ආසාදිතයන් 4,581ක් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව සමග එරට සමස්ත ආසාදිත අගය 264,836ක් විය. එසේම 28,000කට වැඩි පිරිසක් මේ වනවිට මියගොස් තිබේ.



Recommended Articles