ස්පාඤ්ඤයේ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව කොවිඩ්-19 වෛරස් රෝගයෙන් මියගිය සංඛ්‍යාව 5,690ක් දක්වා, ගතවූ පැය 24 තුළ මරණ 832ක් සමග ඉහළ ගොස් තිබේ.
මෙය 17%ක වර්ධනයක් වන අතර පසුගිය දින දෙක තුළ මරණ වර්ධනය වීමේ වේගය 19%ට මදක් අඩුව පැවතිණි.
ස්පාඤ්ඤය කොරෝනා වෛරස වසංගතයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ රටවලින් එකකි. මෙහි ජනතාවගේ ගමන් බිමන් සඳහා දැඩි සීමාවන් තවත් සති දෙකක කාලයක් සඳහා දීර්ඝ කර ඇති අතර, බලධාරීන් උත්සාහ කරන්නේ දැනටමත් දැනටමත් අත්‍යවශ්‍යව ඇති සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ හැකිතරම් සැපයීමටය.
එරට සෞඛය අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 8.8% කින් ඉහළ ගොස් ඇති අතර එය 49,844 සිට 54,273 දක්වා වැඩිවීමකි.
මෙ අතර පුද්ගලයන් 12,285 ක් පමණ සුවය ලබා ඇති අතර එය සිකුරාදා වාර්තා වූ 9,357ට සාපේක්ෂව 31% ක වර්ධනයකි. මේ අතර පුද්ගලයින් 40,630ක් රෝහල් ගතව සිටිති.