ස්පාඤ්ඤයේ 6 වැනි ෆිලිපේ රජු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති නමුත්, මෘදු රෝග ලක්ෂණ පමණක් අත්විඳිමින් සිටින බව රාජකීය මාළිගාව නිවේදනය කරයි.
54 හැවිරිදි රජු බදාදා උදෑසන ධනාත්මක බව පරීක්ෂා කළේ පෙර දින රාත්‍රියේ මෘදු රෝග ලක්ෂණ අත්විඳීමෙන් පසුව බව මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
"රජුගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය යහපත් වන අතර, ඔහු තම නිවසේ සිට රාජකාරී කටයුතු කරගෙන යනු ඇති." කෙසේ වෙතත් රජු දින හතක් නිරෝධායනය වන බව එහි සඳහන් වේ.
රජු බදාදා සවස මැඩ්රිඩ් හිදී බොස්නියානු ජනාධිපති ධුරයේ ක්‍රොඒෂියානු සාමාජික සෙල්ජ්කෝ කොමිස්ක් හමුවීමට නියමිතව තිබුණත් එය කල් දැමුණි.
ෆිලිපේ රජුට කොවිඩ්-19 එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ලැබුණේ 2021 මැයි මාසයේදීය. කෙසේ වෙතත් රජුට එතැන් සිට ලබාදී ඇති වෙනත් මාත්‍රාවන් පිළිබඳ ප්‍රසිද්ධ තොරතුරු නොවේ.
එරට අගමැති පේද්රෝ සැන්චෙස් ෆිලිපේ රජුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අතර, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, රජතුමා "ඉක්මනින් සාමාන්‍ය ජීවිතයට ආපසු එනු ඇතැයි" ඔහු බලාපොරොත්තු වන බවයි.
ලෙටිෂියා රැජින සහ යුවළගේ බාල දියණිය සොෆියා රෝග ලක්ෂණ නොපෙන්වන අතර, ඔවුන්ගේ ක්‍රියාකාරකම් සාමාන්‍ය පරිදි කරගෙන යනු ඇති බව කියයි.
ඔවුන්ගේ වැඩිමහල් දියණිය සහ ස්පාඤ්ඤ සිංහාසනයේ උරුමක්කාරයා වන ලියනෝර් වේල්සයේ රැඳී සිටියි.
ඉහළ එන්නත් අනුපාතය සමග කොවිඩ්-19 ආසාදන අනුපාතය පහත වැටීම සහ රෝහල් වෙත ඇතුළත් කිරීම් අඩුවෙන් වාර්තා කරන බැවින් ස්පාඤ්ඤය බ්‍රහස්පතින්දා සිට එළිමහනේ මුඛ ආවරණ පැලඳීමේ නියෝගයක් ඉවත් කරනු ඇත.
අධික ලෙස බෝවන ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් අවුලුවන ලද ආසාදනවල වැඩිවීමක් මධ්‍යයේ පසුගිය දෙසැම්බරයේ ගත් එළිමන් මුඛ ආවරණ අනිවාර්ය කිරීමේ පියවර මෙම නව පියවර මගින් ආපසු හරවයි.
කෙසේ වෙතත් තවදුරටත් පොදු ප්‍රවාහනය ඇතුළුව ගෘහස්ථ පොදු අවකාශයන්හි මුඛ ආවරණ පැලඳීම අනිවාර්යය වේ. මේ වනවිට ස්පාඤ්ඤය වෛරස් ආසාදිතයන් මිලියන 10.4ක් සහ මරණ 95,000ක් පමණ ලියාපදිංචි කර ඇත.