ස්පාඤ්ඤය කොවිඩ් ආසාදන මිලියනයේ සීමාව පසුකර යයි


ස්පාඤ්ඤයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව බදාදා දිනයේ ස්පාඤ්ඤයේ කෝවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයේ සීමාව පසුකර තිබේ.

ඒ අනුව වසංගතය ආරම්භවූදා සිට මේ දක්වා කොවිඩ්-19 ආසාදිතයන් 1,005,295ක් හඳුනාගෙන ඇති බව ස්පාඤ්ඤ බලධාරීහු පවසති. අවම වශයෙන් පුද්ගලයින් 34,366ක් එරට වෛරසය හේතුවෙන් මියගොස් තිබේ.

තවත් කොවිඩ්-19 ආසාදිතයන් 16,973ක් සහ මරණ 156ක් අඟහරුවාදා සමස්ත ආසාදිත අගයට එකතු වි ඇත.

ඒ අනුව ලොව කොවිඩ්-19 ආසාදිතයන් මිලියනයේ සීමාව පසුකළ 6 වැනි රට බවට ස්පාඤ්ඤය පත්ව තිබේ. කෙසේ වෙතත්, ස්පාඤ්ඤයට පසුපසින් ප්‍රංශය සහ කොලොම්බියාව ආසාදන මිලියනයේ සීමාව ආසනයේ පසුවෙයි.

එහිදී ප්‍රංශය හා කොලොම්බියාව පිළිවෙළින් කොවිඩ්-19 ආසාදිතයන් 999,744ක් සහ 981,700ක් වාර්තා කර තිබේ. 



Recommended Articles