ස්පාඤ්ඤ පොලීසියකට පිහියක් වනමින් පැමිණි අය මරා දැමෙයි


ස්පාඤ්ඤයේ, දකුණුදිග බාසිලෝනා නගරයේ පොලිස් ස්ථානයක් වෙත පිහියක් වනමින්, අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දෙමින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

මොහු 29 හැවිරිදි ඇල්ජීරියානු සම්භවයක් ඇති පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු අද (20දා) උදෑසන 5.52ට පමණ පොලීසිය වෙත කඩා පනින අවස්ථාවේදී රාජකාරියට සිටි පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

පොලීසිය පවසා සිටියේ මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන් ඉලක්ක කර ප්‍රහාරයකට පැමිණි බැවින් ආරක්ෂාව පතා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ඔහු වසර කිහිපයකට සිට ස්පාඤ්ඤයේ ජීවත් වී ඇති අතර, ඔහුට එරෙහිව පූර්ව අපරාධ චෝදනා නොතිබුණු බවද පොලීසිය පවසයි. කෙසේ වෙතත්, ඔහු ස්පාඤ්ඤ කාන්තාවක සමග ජීවත් වී ඇති බවද අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයා අබ්දෙලොහාබ් තායිබ් ලෙස හඳුනාගෙන ඇත. යුරෝපය පුරා පසුගිය කාලයේ වාර්තා වූ ජිහාඩ් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයන් හේතුවෙන් යුරෝපයේ ආරක්ෂාව තර කරමින් මෙවැනි අන්තවාදීන් පිටුදැකීමට බොහෝ රාජ්‍යයන් නීති දැඩිකර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles