ස්පාඤ්ඤ ගිනිකඳු පිපිරීමෙන් ගුවන් තොටුපල වසා දැමේ


ස්පාඤ්ඤයට අයත්, ලා පැල්මා කැනරි දූපතේ වූ කුම්බ්රේ වීජා ගිනි කඳු පිපිරීම උත්සන්න වී ඇති අතර, මේ වනවිට ගුවන් ගමන් අත්හිටුවමින්, අතිරේක ඉවත් කිරීම් සිදු කරන ලෙස නිලධාරීන් නියෝග කර ඇත.

මේ වනවිට එම ප්‍රදේශයෙන් 6,000කට ආසන්න පිරිසක් ඉවත් කර ඇති සඳහන් වෙයි. සිකුරාදා සවස ප්‍රාදේශීය කැනරි දූපත් රජයේ ප්‍රකාශයක් අනුව, "පුපුරා යාම ආරම්භයේ සිට සිදු කරන ලද ගිනිකඳු නිරීක්ෂණ වාර්තාවලට අනුව, අද පස්වරුවේ පුපුරා යාමේ ක්‍රියාවලියේ ශක්තිමත්ම මොහොත සිදුවුණා." යනුවෙන් දැක්වෙයි.

ඉවත් කරන ලද නවතම පුද්ගලයින් 160දෙනා තවත් නගර තුනකින් ඉවත් කරන ලද අතර, ගිනිකඳු හදිසි අවස්ථා තත්ත්වය හේතුවෙන් තම බඩු බාහිරාදිය ලබාගැනීමටවත් ඔවුන්ට තම නිවෙස් වෙත ආපසු යාමට ඉඩ නොදෙන බව නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

කලාපයේ මෑතකදී සිදු වූ ගිනිකඳු ක්‍රියාකාරකම් සමග අළු එකතුවීම හේතුවෙන් ලා පැල්මා හි ගුවන් තොටුපල සෙනසුරාදා සිට වසා දැමුණු බව ස්පාඤ්ඤ ගුවන් තොටුපල ක්‍රියාකරු සඳහන් කළේය.



Recommended Articles