ස්පාඤ්ඤ අගුලුදැමීම් ඉවතලා ජනතාව අව්ව තපින්න ඇවිත්


ස්පාඤ්ඤයේ කැටලෝනියා පළාතේ කොවිඩ්-19 දෙවැනි රැල්ලක් ආරම්භ වීම හේතුවෙන් ජනතාවට නිවෙස් තුළ රැඳී සිටින ලෙස අගුලු දැමීම් ක්‍රියාත්මක කර තිබුණද, කැටලෝනියා ජනතාව බලධාරීන්ගේ ඉල්ලීම නොතකා බාසිලෝනා වෙරළේ අව්ව තපින්න පැමිණ ඇති බව වාර්තා වෙයි.

ජනතාව බලධාරීන්ගේ කීම නොතකා මෙසේ සමාජ දුරස්ථ නීතී උල්ලංඝනය කරන පසුබිමක එරට පොලීසියට ඔවුන් මුඛ ආවරණයක් හෝ පැලඳ සිටින්නේද යන්න සොයා බැලීමට සිදුව තිබේ.

සංචාරකයන්ගේ ප්‍රියතම ස්ථානයක් වූ බාර්සිලෝනාටා වෙරළ තීරය ඉරිදා දහවල් වනවිට එහි පූර්ණ ධාරිතාවට ළඟාවී තිබුණේ, වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ තවදුරටත් අවදානම වැඩිකරමින් වන අතර, මිනිසුන් වෙරළට පිවිසීමට පොලිම්වල සිටි බවද වාර්තා වෙයි.

මෙම නවතම පොකුරු පාලනය කරමින් අර්බුදයට දැඩි ප්‍රතිචාරයක් දැක්වීමේ කොටසක් ලෙස කැටලෝනියා හි නගර තුනක පදිංචිකරුවන් 96,000කට වැඩි පිරිසකට නිවෙස්වල රැඳී සිටින ලෙස බලධාරීන් ඉල්ලා සිටියහ.

එහිදී සිකුරාදා දිනයේ බාසිලෝනා ඇතුළු මිලියන හතරක පමණ ජනතාවට අත්‍යවශ්‍ය චාරිකා සඳහා පමණක් තම නිවසින් පිටවන ලෙසද උපදෙස් දී තිබුණි.

ස්පාඤ්ඤයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 260,255ක් වන අතර, වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 28,420කි. යුරෝපයේ නව කොරෝනා පැතිර යන මුල් අවධියේදී දැඩි බලපෑමට ලක්වූ ස්පාඤ්ඤය රට තුළ ඇතිවූ දෙවැනි රැල්ලට මුහුණ දෙමින් සිටියි.



Recommended Articles