එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකයා අඟහරුවාදා කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය අත්හිටුවීමට තලේබාන් ප්රමුඛ ඇෆ්ගනිස්ථාන පරිපාලනය ගත් තීරණය හෙළා දුටුවේය.
"අධ්‍යාපනය ප්‍රතික්ෂේප කිරීම කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ සමාන අයිතිවාසිකම් කඩ කරනවා පමණක් නොව රටේ අනාගතයට විනාශකාරී බලපෑමක් ඇති කරනු ඇති බව මහලේකම්වරයා නැවත අවධාරණය කරයි" මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පැවසීය. අධ්‍යාපනය සඳහා කාන්තාවන්ට සමාන ප්‍රවේශය සහතික කරන ලෙස තලේබාන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීවේය.
මීට පෙර ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියද තලේබාන් සංවිධානය කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කිරීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කළාය.
"තලිබාන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කාන්තාවන්ට විශ්ව විද්‍යාලවලට යාම තහනම් කර ඇති බවට අද පුළුල්ව වාර්තා වූ පුවත ගැන මා ඉතා කණගාටු වෙනවා. මෙය කාන්තාවන්ට පමණක් නොව ඇෆ්ගනිස්ථානයටද වඩාත් පුළුල් ලෙස අහිතකරයි," ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහය දූත මණ්ඩලයේ විශේෂ නියෝජිතයා සහ ප්‍රධානියා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.