සර්බියාව ප්‍රධාන LGBT උත්සවය අවලංගු කරයි


සැප්තැම්බර් මැද භාගයේදී බෝල්කන් රටේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හි පැවැත්වීමට නියමිතව තිබූ යුරෝප්‍රයිඩ් උත්සවයක් අවලංගු කිරීමට හෝ කල් දැමීමට සර්බියාව තීරණය කර ඇති බව ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් පවසයි.

"මෙය සුළුතර අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් විය හැකියි. නමුත් මේ මොහොතේ රාජ්‍යයට ගැටලු රැසකට, පීඩාවන්ට ලක්වීමට සිදුව තිබෙනවා" වුසික් මාධ්‍ය හමුවකදී පැවසීය.

සෑම වසරකම විවිධ යුරෝපීය නගරවල පවත්වනු ලබන සහ පෙළපාලියක් ඇතුළත් LGBTQ උත්සවය දක්ෂිණාංශික අන්තවාදීන්ගේ තර්ජන සහ ප්‍රචණ්ඩත්වයට ඇති බිය නිසා තවදුරටත් ඉදිරියට යා නොහැකි බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.



Recommended Articles