සයිබීරියාවේ රන් ආකරයක වේල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් 13 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.
සෙනසුරාදා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ක්‍රස්නොයාර්ස්ක් ප්‍රදේශයේ සීබා ගඟේ වේල්ල කැඩී යාමෙන් කම්කරුවන් වාසය කළ කැබින් ගංවතුරෙන් යට විය.
රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ පතල් කම්කරුවන් 14 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි.
වේල්ල ආරක්ෂක රෙගුලාසි උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් විසින් ආරාධනා ලබාදෙන ලෙසත්, අනතුරට හේතුව කඩිනමින් සොයා බලන ලෙසත් නිලධාරීන්ට නියෝග කර තිබේ.