සම්බාධක මධ්‍යයේත් රුසියාව තවත් ඩොලර් ණයක් පියවයි


ස්වෛරී බැඳුම්කර දෙකක් මත රුසියාව සිය ගෙවීම් සිදුකරමින් රුසියාව පුළුල් ලෙස අපේක්ෂා කරන ලද බාහිර බැඳුම්කර පැහැර හැරීමක් වළක්වා ගෙන තිබේ.

එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ තවත් රටවල් ගණනාවක් විසින් රුසියාවේ විදේශ මුදල් තොගවලින් වැඩි ප්‍රමාණයක් රඳවාගෙන ඇති පසුබිමකත්, සියවසකට පසුව ප්‍රථම වතාවට රුසියාව ණය පැහැර හරිනු ඇති බවට බටහිර මධ්‍ය විසින් එකම වාදනය ප්‍රචාරය කරමින් තිබියදීත් රුසියාව සිය ණය පියවා ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

රුසියාව විදේශයන්හි රඳවා ඇති ඩොලර් බිලියන 300ක ඇස්තමේන්තුගත විදේශ සංචිතවලට ප්‍රවේශ වීමට ඉඩ නොදීමෙන් රට තුළ ණය පැහැර හැරීමක් සිදුවන බවට කෘත්‍රිමව ලෝකය ඉදිරියේ මවා පෑමට උත්සාහ කරන බවට රුසියාව එක්සත් ජනපදයට සහ එහි මිත්‍රයින්ට චෝදනා කරයි.



Recommended Articles