සම්බාධක පැනවීමට එරෙහිව රුසියානුවෙන් අධිකරණයට


යුක්රේන යුද්ධය මුල් කරගෙන තමා වෙත සම්බාධක පැනවූයේ තමා රුසියානුවෙකු වූ නිසාවෙන් පමණක් බවට ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ ධන කූවේරයෙකු වූ රෝමන් ඇබ්‍රෙමාවික් යුරෝපා සංගමයට චෝදනා කරයි.

කෙසේ වෙතත්, තමාට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති රුසියානු ධනවතා, මෙම යුරෝපා සංගමයේ සම්බාධක පදනම් විරහිත බවට කරුණු දැක්වීමට සූදානමින් සිටියි.

ඒ අනුව, ඔහු ජනප්‍රිය රුසියානු ව්‍යාපාරිකයෙකු වීම නිසා පමණක්ම, මෙසේ සම්බාධක පනවා ඇති බවට යුරෝපා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට ඔහුගේ නීතීඥයන් සූදානම් වෙයි.

රුසියානු ජනාධිපතිවරයා යුක්රේන යුද්ධය ඇරඹීමත් සමග මේ ආකාරයෙන් රුසියානු වත්කම් හා ව්‍යාපාරිකයන් වෙත සම්බාධක පැනවීමට යුරෝපා සංගමය කටයුතු කළේය.



Recommended Articles