දැනට පවතින යුක්රේන ගැටුම සම්බන්ධයෙන් බටහිර රටවල් රුසියාවට පනවා ඇති සම්බාධක ඉවත් කරන තුරු නෝඩ් ස්ට්‍රීම් 1 ගෑස් නල මාර්ගය හරහා යුරෝපයට ගෑස් බෙදා හැරීමේ තාක්ෂණික ගැටලු පවතිනු ඇතැයි ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසයි.
අගෝස්තු 31 වැනි දින ගෑස්ප්රොම් නල මාර්ගය හරහා ගෑස් බෙදා හැරීම සම්පූර්ණයෙන්ම වසා දැමීය. මුලින් නෝඩ් ස්ට්‍රීම් 1 සිකුරාදා ගෑස් ප්‍රවාහනය නැවත ආරම්භ කිරීමට නියමිතව තිබුණද, තාක්ෂණික ගැටළු හේතුවෙන් එය දින නියමයක් නොමැතිව වසා තබන බව ගෑස්ප්රොම් නිවේදනය කළේය.
”ජර්මනිය සහ එක්සත් රාජධානිය ඇතුළු බටහිර රටවල් විසින් අපේ රටට සහ සමාගම් ගණනාවකට පනවා ඇති සම්බාධක හේතුවෙන් ගෑස් බෙදා හැරීමේ ගැටළු මතු වී තිබෙනවා. සැපයුම් ගැටළු පිටුපස වෙනත් හේතු නැහැ” පෙස්කොව් සඳහන් කළේය.
ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයා කියා සිටියේ, “යුරෝපීයයන් තම උපකරණවලට සේවා සැපයීම අමතක කර මුළුමනින්ම විකාරසහගත ලෙස තීරණයක් ගැනිමින් සිටිනවා. මෙය කිසිසේත්ම ගෑස්ප්රොම්ගේ වරදක් නොවෙයි” යනුවෙනි.