සමලිංගිකයන් පිළිගන්නේ නැති බව එර්ඩෝගන් කියයි


සාම්ප්‍රදායික ඉස්ලාමීය සාරධර්ම ආරක්ෂා කරන්නෙකු ලෙස තමා නිරූපණය කරන ජනාධිපති රිසෙප් තයීප් එර්ඩෝගන් නැවත වරක් එරට විපක්ෂය සමසිරි පක්ෂයක් ලෙස ලේබල් කරමින්, ලිබරල් බටහිර මතවාදය කිසි විටෙකත් තම පාලක පක්ෂයට හෝ එහි ජාතිකවාදී මූලධර්මයන් තුළට ඇතුළු කර නොගන්නා බව අවධාරණය කළේය.

තුර්කියේ උත්තරීතර මැතිවරණ කවුන්සිලය ඉරිදා සවස එර්ඩෝගන්ගේ තීරණාත්මක ජයග්‍රහණය තහවුරු කළේය.

මැතිවරණයට පෙරාතුව, එර්ඩෝගන් සිය ප්‍රතිවාදියා සහ විපක්ෂය සමසිරි හිතවාදී බවට නැවත නැවතත් චෝදනා කළ අතර, ජයග්‍රහණයෙන් පසු ඉස්තාන්බුල්හි ප්‍රීතියෙන් සිටි ජනකායක් ඉදිරියේ ඔහුගේ ජයග්‍රාහී කතාවේදීද එවැනිම චෝදනා එල්ල කළේය.



Recommended Articles