එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඉතාලියේ රෝමයේ පැවති G20 සමුළුව අතරතුරදී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් හමුවී තිබේ.
එය ප්‍රංශය විසින් බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව සමග එක්සත් ජනපද ආරක්ෂක ගිවිසුමක් සම්බන්ධයෙන් විරසකයක් ඇතිකර ගැනීමෙන් පසුව ඇති වූ ප්‍රථම හමුව වෙයි.
ඔවුන් කළ දේ අවුල්සහගත බවත්, එය කරුණාවෙන් යුතුව සිදු නොවූ දෙයක් බවත් මෙහිදී බයිඩන් පවසා ඇත.
විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව ප්‍රංශයෙන් මිලදී ගැනීමට තිබූ සබ්මැරීන් මිලදී නොගෙන, ඔවුන්ගේ ගිවිසුමට පයින් ගසා ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය වෙත හැරීම සම්බන්ධයෙන් ප්‍රංශය දැඩි ස්ථාවරයක සිටියේය.
මෙය රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් දක්වා උත්සන්න වූ අතර, ප්‍රංශය සිය තානාපතිවරු යළි කැඳවීමටද ක්‍රියා කළේය.