සබ්මැරීන ගනුදෙනු ආරවුලට ඔස්ට්‍රේලියාව ප්‍රංශයට ගෙවයි


ප්‍රංශ සබ්මැරීන ගනුදෙනුව අවලංගු කිරීමට පසුගිය වසරේ ගත් තීරණයෙන් පසු ඔස්ට්‍රේලියානු රජය ප්‍රංශ නැව් සාදන්නා වන නාවික කණ්ඩායමට යුරෝ මිලියන 555 වන්දි ගෙවන බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පවසයි.

"මෙය සාධාරණ හා යුක්තිසහගත විසඳුමක්" ඇල්බනීස් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම සම්මුතිය ඇති වූ බවත්, ඔස්ට්‍රේලියාව සහ ප්‍රංශය අතර සබඳතාව යලිස්ථාපිත කරනලද සුහද ආකාරය පිළිබඳව ඔහුට ස්තූති කරන බවත් ඔහු පැවසීය.



Recommended Articles