සඳෙන් සාම්පල ලබාගත් චීන යානය සඳ පෘෂ්ඨයෙන් ඉහළට


චන්ද්‍ර සාම්පල ඉතා සාර්ථක ලෙස එකතු කරගත් චීන අභ්‍යවකාශ යානය ඊයේ (03දා) දිනයේ අග භාගයේදී සඳ පෘෂ්ඨයෙන් ඉහළට පැමිණි බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය නිවේදනය කරයි.

ඒ අනුව වෙනත් ග්‍රහලේකයක සිට ගුවන් ගත වූ පළමු චීන අභ්‍යවකාශ යානය බවටද මෙය නියෝජනය කරයි.

ඕබිටර්, ලෑන්ඩර්, ඇසෙන්ඩර් සහ රිටර්නර් ලෙස යානා පද්ධතියකින් සමන්විත චීනයේ චැන්ග් -5 අභ්‍යවකාශ චන්ද්‍රිකා මෙහෙයුම නොවැම්බර් 24 වැනි දින දියත් කරන ලද අතර එහි ලෑන්ඩර්-ඇසෙන්ඩර් යානා දෙසැම්බර් 01දා සඳ පෘෂ්ඨය මතට පැමිණුනි.

සාම්පල එකතු කර මුද්‍රා තැබීමෙන් පසුව, චැන්ග් -5 හි ඇසෙන්ඩර් යානය චන්ද්‍ර පෘෂ්ඨයෙන් ඉවත් වූ අතර, එය චන්ද්‍ර කක්ෂයේ ඇති රිටර්නර් යානය හෙවත් නැවත පෘථිවිය බලා පැමිණෙන යානය සමග සම්බන්ධ වීම පෙර නොවූවිරූ ජයග්‍රහණයක් බව කියැවෙයි.

චැන්ග්-5 යනු චීන අභ්‍යවකාශ ඉතිහාසයේ වඩාත්ම සංකීර්ණ හා අභියෝගාත්මක මෙහෙයුම්වලින් එකක් වන අතර වසර 40කට වැඩි කාලයක් තුළ ලොව ප්‍රථම සඳ නියැදි එකතු කිරීමේ මෙහෙයුමද වේ.



Recommended Articles