සඳ මත පා තැබූ දෙවැනි මිනිසා වන එඩ්වින් ඕල්ඩ්රින් ඔහුගේ දීර්ඝ කාලීන ආදරවන්තිය වන ඇන්කා ෆෝර් සමග විවාහ වූයේ සිකුරාදාට යෙදුණු ඔහුගේ 93 වැනි උපන් දිනය දාය.
නීල් ආම්ස්ට්‍රෝං සමග 1969 දී සඳ මත පා තැබූ දෙවැනි පුද්ගලයා බවට පත් වූ හිටපු ගගනගාමියා තම ට්විටර් හරහා විවාහ මංගල්‍යය නිවේදනය කළේය. ඔහු මෙලෙස යුග දිවියට එලැඹෙන්නේ සිව්වැනි වරටයි.
"මගේ 93 වැනි උපන් දිනය සහ ජීවමාන ලෙජන්ඩ්ස් ඔෆ් ඒවියේෂන් විසින් මමද ගෞරවයට පාත්‍ර වන දිනයේදී මගේ දිගුකාලීන ආදරය වන ආචාර්ය ඇන්කා ෆෝර් සහ මම විවාහ ගිවිස ගත් බව මා සතුටින් ප්‍රකාශ කර සිටිනවා" ඕල්ඩ්රින් ලිවීය. "අපි ලොස් ඇන්ජලීස් හි කුඩා පෞද්ගලික උත්සවයකදී ශුද්ධ වූ විවාහයට ඇතුළු වුණේ, නව යෞවනයන් වගේ උද්යොගයෙන් යුතුවයි."