සඳ තරණයේ යන චන්ද්‍රයාන් - 2 තාක්ෂණික දෝෂයකින් පසුබසී


ඉන්දියාවේ දෙවැනි සඳ තරණයට සැරසෙන චන්ද්‍රයාන් - 2 මෙහෙයුම දියත් වීමට පැයක් තිබියදී තාක්ෂණික දෝෂයක් නිසා එය අත්හිටුවා තිබේ.

චන්ද්‍රිකාව රැගත් රොකට්ටුවේ දෝෂයක් මෙසේ හඳුනාගෙන ඇත්තේ යානය අභ්‍යවකාශගත වීමට 56 වැනි විනාඩියේදීය.

ඒ අනුව, යානය යළිත් අභ්‍යවකාශය වෙත දියත් කෙරෙන මීළඟ දිනය ඉදිරියේදී දැනුම්දෙන බව ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

ඇ.ඩො.මිලියන 150ක් වටිනා චන්ද්‍රයාන් - 2 මෙහෙයුම සඳේ දකුණු අර්ධගෝලය වෙත ප්‍රථම ගොබෑම සිදුකරන මෙහෙයුම ලෙස සැලකෙයි.

සඳ මතුපිට ජලය තිබුණේ යන්න පිළිබඳ පර්යේෂණ මෙන්ම, සඳෙහි පාෂාණ පිළිබඳ පර්යේෂණ රැසක් මෙම මෙහෙයුමේදී සිදුකිරීමට අපේක්ෂිතය.

මෙය සාර්ථක වුවහොත් ඇමෙරිකාව, චීනය සහ සෝවියට් රුසියාවට පසුව සඳ තරණය කරන සිව්වැනි රට බවට ඉන්දියාව පත්වනු ඇත.



Recommended Articles