හඳ වටා සංචාරයේ නිරත වීමට සූදානම් වන Space X හි මංගල ගුවන් ගමන සඳහා තමා සමග යාමට ජීවන සහකරුවෙකු සොයමින් සිටි ජපන් ප්‍රකෝටිපතියෙකු ඔහුගේ අදහස අත්හැර තිබේ.
විලාසිතා නිර්මාණ ශිල්පියෙකු වූ යසුකු මේසාවා වයස අවුරුදු 20 ට වැඩි තනිකඩ කාන්තාවන්ට මේ සඳහා ඉල්ලුම් කිරීමට මීට පෙර ආරාධනා කළේය.
ඒ අනුව, 28,000කට ආසන්න සංඛ්‍යාවක් මේ අවස්ථාවට ඉල්ලුම් කළ නමුත් බ්‍රහස්පතින්දා ඔහු මේ සම්බන්ධයෙන් මිශ්‍ර හැඟීමක පසුවන බව පවසමින්, තමා මෙසේ සහකාරියක සෙවීම අත්හරින බව නිවේදනය කළේය.
ඒ අනුව, තමන් සැලසුම් කළ පරිදි 2023 වසරේදී සහකාරියක නොමැතිව සිය අභ්‍යවකාශ සංචායේ නිරත වීමට මෙසාවා සැරසෙයි.
මෙම මස මුලදී 44 හැවිරිදි ඔහු තමා සමඟ අභ්‍යවකාශ සංචාරයට පැමිණෙන ලෙස කාන්තාවන්ට අන්තර්ජාලය හරහා විවෘත ආරාධනයක් කළේය.
එම වෙබ් අඩවියේ කොන්දේසි සහ නිර්ණායක ලැයිස්තුවක් ඇතුළත් විය, ඒවා අතර: ඒවා තනිකඩ විය යුතුය, වයස අවුරුදු 20ට වැඩි විය යුතුය සහ අභ්‍යවකාශයට යාමට උනන්දුවක් තිබිය යුතුය යන කරුණු අන්තර්ගත විය.