උතුරු කොරියාව සිය නැගෙනහිර කලාපයේදී තවත් කෙටි දුර මිසයිල ද්විත්වයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ වාර්තා කරයි.
සතියක කාලයක් තුළ උතුරු කොරියාව විසින් සිදුකළ දෙවැනි මිසයිල අත්හදා බැලීම ලෙසද මෙය ඔවුන් හඳුන්වා දී තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්, කොරියානු දේශසීමා නගරයේදී එකිනෙකා හමුවීමෙන් පසු ප්‍රථම මිසයිල අත්හදා බැලීම පසුගිය සතියේ ඔවුන් සිදුකළේය.
දකුණු කොරියාව එක්සත් ජනපදය සමග ඇරඹීමට යන යුද අභ්‍යාසයන් සම්බන්ධයෙන් වූ ඉතා බරපතළ අනතුරු ඇඟවීමක් ලෙස උතුරු කොරියාව මෙය හුවා දක්වයි.
එමෙන්ම, මෙය යුද සූදානමකට දකුණු කොරියාව සහ ඇමෙරිකාව සූදානම් වීමක් ලෙසද මීට පෙර උතුරු කොරියාව සිය විරෝධය පළ කර තිබුණි.