සටන් විරාමයකට රුසියාව, යුක්රේනය ගේනවා - UN


සටන් විරාමයක් මේ මොහොතේ හොඳ විකල්පයක් නොවන බව රුසියානු එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු ප්‍රකාශ කළද එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් යුක්රේනයේ ගැටුම් නැවැත්වීමට අඛණ්ඩව බල කරන බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙක් පැවසීය.

ගුටරෙස් තුර්කියේ සිට මොස්කව් බලා යමින් සිටි අතර, ඔහු අද (26දා) රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමග සාකච්ඡාවකට සහභාගී වන අතර, දිවා භෝජන සංග්‍රහයක්ද සමග ජනධිපති ව්ලැඩිමීර් පූටින් විසින් ඔහු පිළිගනු ඇත. අනතුරුව ඔහු යුක්රේනයට ගොස් යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රො කුලේබා සාකච්ඡාවක් පවත්වන අතර, බ්‍රහස්පතින්දා ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි හමුවනු ඇත.



Recommended Articles