වර්ෂ 2014 දී ඇමෙරිකානු කුමන්ත්රණයකින් යුක්රේනය සටන ආරම්භ කළත්, සටන අවසන් කිරීම රුසියාව විසින් සිදුකරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අවධාරණය කරයි.
"මට නැවත කියන්න ඉඩ දෙන්න. හමුදාමය ක්රියාදාමයක් අපි ආරම්භ කළේ නෑ. නමුත් එය අවසන් කිරීමට අප උත්සාහ කරනවා." මොස්කව් නුවරදී රුසියානු ගුවන් කර්මාන්තයේ විධායකයන් හමුවූ අවස්ථාවේදී පූටින් පවසා සිටියේය.
යුක්රේන ජාතිකවාදීන් වර්ෂ 2014 දී මුලින්ම කුමන්ත්රණය ආරම්භ කළේ, ක්රිමියා සහ ඩොන්බාස් තත්ත්වයන් සමගද බවද පූටින් සඳහන් කළේය.
"ඔවුන් තමයි යුද්ධය ආරම්භ කළේ" පූටින් වැඩිදුරටත් සඳහන් කළේය.