නව කොරෝනා වසංගතය මධ්‍යයේ සත්ත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් සාදරයෙන් පිළිගන්නා පියවරක් ලෙස චීනය සජීව කුකුළු මස් වෙළෙඳ පොළවල සත්ව ඝාතනය හා වෙළෙඳාම නතර කිරීමට සූදානම් වෙයි.
ඒ අනුව චීනය තොග ආහාර වෙළෙඳ පොළවල් පරීක්ෂා කිරීම වේගවත් කිරීම සහ වන සතුන් විකිණීම හා පරිභෝජනය කිරීම තහනම් කිරීමේ පියවරයන් සමග මෙම නිවේදනය සිදුකර ඇත.
මෑතකදී බීජිං හි කොවිඩ්-19 දෙවැනි නැගිටීමට ප්‍රධාන හේතුවක් වූයේ මෙම තොග ආහාර වෙළෙඳ පොළවල්ය.
චීනය සජීව කුකුළු මස් වෙළෙඳ පොළවල සත්ව ඝාතනය හා වෙළෙඳාම මූලික වශයෙන් සීමා කිරීමට දිරිමත් කරනු ඇති අතර, පසුව ක්‍රමයෙන් මෙවැනි ස්ථාන වසා දැමීමට පියවර ගනු ඇති බව චීන රජයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.