චීනය ලෝකය සමග පුළුල් හා සංවර්ධන අවස්ථා විවෘත කිරීමට ඇති කැපවීම යළිත් තහවුරු කරමින්, එරට ආනයනය තවදුරටත් පුළුල් කිරීමට සහ වෙළඳාමේ සමතුලිත සංවර්ධනය හඹායන බව චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කළේය.
4 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) සමග අතථ්‍ය දේශනයක් පවත්වමින් චීන ජනාධිපතිවරයා මෙසේ පවසා සිටියේය.
ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදය ප්‍රතික්ෂේප කරමින්, ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කරන ලෙස චීන නායකයා එහිදී ජාත්‍යන්තර ප්‍රජාවෙන්ද ඉල්ලා සිටියේය.
"උසස් ප්‍රමිතියකින් පුළුල්ව විවෘත කිරීමේ අපගේ අධිෂ්ඨානය අප වෙනස් කරන්නේ නැහැ. සෙසු ලෝකය සමඟ සංවර්ධන අවස්ථා බෙදාගැනීමේ අපගේ අධිෂ්ඨානය අප වෙනස් කරන්නේ නැහැ. ඒ වගේම සමතුලිත සහ සැමට ප්‍රයෝජනවත්, වඩාත් විවෘත, සියලු දෙනා ඇතුළත් වන ආර්ථික ගෝලීයකරණයක් සඳහා වන අපගේ කැපවීම අප වෙනස් කරන්නේ නැහැ." ෂී ජින්පිං වැඩිදුරටත් පවසා සිටියේය.