සංචාරක තහනම පමණක් ඔමික්‍රෝන් මට්ටු නොකරාවි


සංචාරක තහනම් කිරීම්වලින් පමණක් ඔම්ක්‍රෝන් කොවිඩ්-19 ප්‍රභේද ආසාදන රටවලින් බැහැරවීමක් සිදු නොකළත්, ඒවා ක්‍රියාත්මක කළහොත් වසංගතයට සූදානම් වීම සඳහා කාලය ලබාගැනීමට හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාව පවසයි.

"Dr. Fauci නිවැරදියි, ඔබ සංචාරක තහනමක් වැනි දරුණු දෙයක් කරන්නේ නම්, කාලය ලබාගැනීමට එය හොඳින් භාවිතා කරන්න" තාවකාලික සංචාරක තහනමේ සඵලතාවය පිළිබඳව එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග විශේෂඥයාගේ අදහස් ගැන WHO ප්‍රකාශිකා හැරිස් පැවසීය. "නමුත් එයින් පමණක් ආසාදන පාලනය වන්නේ නැහැ. ඇතැම් විට මෙය හඳුනා ගැනීමට පෙර සිටම ආසාදිත රටවලින් වෛරසය වෙනත් රටවලට පැමිණ තිබෙන්නට පුළුවන්."

මිනිසුන් පරීක්ෂාවට ලක් කරන්නේ කෙසේද සහ කොතැනද යන්න සහ ධනාත්මක අවස්ථා ඇතිවිට කුමක් සිදුවේද, රෝහල්වල තත්ත්වය කුමක්ද, එන්නත් කිරීම වේගවත් කළ හැක්කේ කෙසේද ඇතුළුව නිරීක්ෂණ වේගවත් කිරීමට සංචාරක තහනමක කාලසීමාව භාවිත කළ යුතු බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.



Recommended Articles