ෂෙන්ෂෝ ගගනගාමීන් යළි අභ්‍යවකාශ ඇවිදීමක


චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ සිටින ෂෙන්ෂෝ-13 ගගනගාමීණ්, ඔවුන්ගේ දෙවැනි අභ්‍යවකාශ ඇවිදීම හෝ බාහිර ක්‍රියාකාරකම් (EVAs) ඉරිදා (26දා) සිදු කරන බව, චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය (CMSEO) නිවේදනය කරයි.

ෂායි ෂියාගැන්ග් සහ යේ ගුවාන්ග්ෆු යන ගගනගාමීන් අභ්‍යවකාශයේ ටියාන්හේ මූලික මොඩියුලයෙන් පිටතට මෙසේ ගමන් කරනු ඇත. ඒ අතරම, කණ්ඩායමේ කාන්තා ගගනගාමියා වන වැන්ග් යැපින්ග් ඔවුන්ගේ මෙහෙයුම් සඳහා සහාය වීමට මැදිරියේ රැඳී සිටින බව CMSEO පවසයි.

දැනට, ගගනගාමීන් තිදෙනා හොඳ තත්ත්‍වයේ පවතින අතර, CMSEO පවසන පරිදි, අභ්‍යවකාශ මධ්‍යස්ථානය ස්ථායීව දෙවැනි බාහිර ක්‍රියාකාරකම සඳහා සූදානම්ව ක්‍රියාත්මක වේ.

සිකුරාදා වනවිට, ෂෙන්ෂෝ-13 කාර්ය මණ්ඩලය දින 71ක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජීවත් වී වැඩකර ඇත. ඔවුන් ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානයෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පැමිණි අතර, ඔක්තෝබර් 16 වැනි දින ටියාන්හේ ප්‍රධාන මොඩියුලයට ඇතුළු විය. ඒ අනුව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා චීනයේ මෙතෙක් පැවති දීර්ඝතම කාර්ය මණ්ඩලයේ මෙහෙයුම ඔවුන් විසින් ආරම්භ කරන ලදී.

කණ්ඩායම ඔවුන්ගේ පළමු බාහිර ක්‍රියාකාරකම් නොවැම්බර් 7 වැනි දින සිදුකරන ලද අතර එය පැය 6.5ක් පමණ පැවතුණි. එම මෙහෙයුම අතරතුර, ෂායි සහ වැන්ග් කැබින් එකෙන් පිටතට ගිය අතර, යේ ඇතුළත රැඳී සිටියේය.

පළමු අභ්‍යවකාශ ඇවිදීම සම්පුර්ණයෙන්ම සාර්ථක වූ අතර, එය චීනයේ ස්වයං-සංවර්ධිත බාහිර අභ්‍යවකාශ ඇඳුම්වල ක්‍රියාකාරිත්වය සහ බාහිර ක්‍රියාකාරකම්වලට අදාළ ආධාරක උපකරණවල විශ්වසනීයත්වය සහ ආරක්ෂාව තවදුරටත් පරීක්ෂා කරන ලද අවස්ථාවක්ද විය.

එතැන් සිට, ඔවුන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණ, අභ්‍යවකාශ අත්හදා බැලීම්, අභ්‍යවකාශ මධ්‍යස්ථානය පරීක්ෂා කිරීම සහ දිනපතා නඩත්තු කිරීම සහ හදිසි ඉවත් කිරීම් සහ වෛද්‍ය ගලවා ගැනීම වැනි කක්ෂය තුළ පුහුණු වැඩසටහන් ඇතුළු විවිධ කාර්යයන් සිදුකර ඇත.

බොහෝ සිසුන් සහ අභ්‍යවකාශ ලෝලීන් මහත් උනන්දුවෙන් පිළිගනු ලැබූ ඔවුන්ගේ පළමු අභ්‍යවකාශ දේශනයද දෙසැම්බර් 9දා ඔවුන් සාර්ථකව පැවැත්වීය.



Recommended Articles