ෂෙන්ෂෝ-15 කාර්ය මණ්ඩල අභ්‍යවකාශ යානය, වේගවත් ස්වයංක්‍රීය ක්‍රියාවලියකින් පසුව, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (CSS) ටියාන්හේ ප්‍රධාන මොඩියුලයේ ඉදිරිපස තොටුපළ සමග සාර්ථකව සම්බන්ධ වූ බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.
මෙම අභ්‍යවකාශ යානය සම්පූර්ණයෙන් සම්බන්ධ වීමේ ක්‍රියාවලිය සඳහා පැය 6.5ක කාලයක් ගතවී තිබුණි.
අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි ෂෙන්ෂෝ-14 ගගනගාමීන්, ෂෙන්ෂෝ-15 යානයේ කණ්ඩායම පිළිගනු ලැබූ අතර, චීන ගගනගාමීන් විසින් කාර්ය මණ්ඩලයක් සහිත අභ්‍යවකාශ යානයක් පිළිගත් පළමු වැනි අවස්ථාව මෙන්ම, චීන ගගනගාමීන් 6දෙනෙකු එකවර අභ්‍යවකාශයේ රැඳී සිටින ප්‍රථම අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වෙයි.
ෂෙන්ෂෝ-14 කාර්ය මණ්ඩලය නැවත පෘථිවියට යාමට පෙර කණ්ඩායම් දෙක සතියක් පමණ එකට වැඩ කරනු ඇත.
ෂෙන්ෂෝ-15 කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා පසුව මාස හයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිනු ඇත.