ගගනගාමීන් තිදෙනෙකු සමග ෂෙන්ෂෝ-14 අභ්‍යවකාශ යානය රැගත් ලොන්ග් මාර්ච්-2එෆ් වාහක රොකට්ටුව වයඹදිග චීනයේ ජිකුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කර තිබේ.
ෂෙන්ෂෝ-14 අභ්‍යවකාශ යානයෙන් අභ්‍යවකාශයට ගමන් කිරීමට නියමිත චීන ගගනගාමීන් තිදෙනා සඳහා පිටත්ව යෑමේ උත්සවයක්ද එම දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී පැවැත්වී ඇත.
බීජිං වේලාවෙන් පෙරවරු 10.44 ට දියත් කෙරුණු මිනිසුන් සහිත මෙහෙයුම සඳහා ගගනගාමීන් තිදෙනා වන්නේ ඩොන්ග්, ලියු යැන්ග් සහ සායි ෂූසේ යන චීන ගගනගාමීන්ය. ඔවුන් චීනය විසින් අභ්‍යවකාශයේ ඉදිකෙරෙමින් පවතින චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගොස් එහි ඉදිරි ඉදිකිරීම් කටයුතු සඳහා සහභාගී වනු ඇත.