චීනයේ ෂෙන්ෂෝ-13 කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ යානය අද (16දා) පෙ.ව. 6: 56 ට ටියාන්හේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රේඩියල් නැවතුම් අංගනය වෙත සාර්ථකව ගොඩබස් වූ බව චීන අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.
අද අලුයම අභ්‍යවකාශ ගත කරන ලද යානය කක්ෂයට ඇතුළු වීමෙන් පසු කක්ෂීය තත්ත්වයේ සැකසීම අවසන් කළ අතර, ටියැන්හේ වෙත යාත්‍රාව සිදු කරමින් සහ වේගවත් ස්වයංක්‍රීය හමුවීමක් සමග ටියැන්ෂෝ-2 සහ ටියැන්ෂෝ-3 යන භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාද එකතුව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තවත් පුළුල් කරන ලදී.
මෙම මුළු ක්‍රියාවලිය සඳහා දළ වශයෙන් පැය 6.5ක් ගත වූ බව චීන අභ්‍යවකාශ ඒජන්සිය පැවසීය.
චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීමේදී සිදුකළ කාර්ය මණ්ඩලයක් අභ්‍යවකාශය වෙත යැවුණු දෙවැනි මෙහෙයුම මෙයයි.
ගගනගාමීන් තිදෙනෙකු වන ෂායි ෂිගාන්ග් (අණ දෙන නිලධාරියා), වැන්ග් යාපිං සහ යේ ගුවාංෆු නියමිත පරිදි මූලික මොඩියුලයට ඇතුළු වීමද සිදුව ඇත.
මෙම තිදෙනා මාස හයක් කක්ෂයේ රැඳී සිටින අතර, ඒ සමග අභ්‍යවකාශයේ චීන කාර්ය මණ්ඩල මෙහෙයුමක් සඳහා දීර්ඝතම කාලයක් රැඳී සිටීමේ වාර්තාවක්ද පිහිටුවනු ඇත.