චීනයේ පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින චීනයේ ෂෙන්ෂෝ-13 ගගනගාමීන් ඔවුන්ගේ දෙවැනි අභ්‍යවකාශයේ ඇවිදිමින් සිදුකරන බාහිර ක්‍රියාකාරකම් (EVAs) සාර්ථකව සිදුකර ඇති බව එරට මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය (CMSA) පවසයි.
යේ ගුවාන්ග්ෆු බීජිං වේලාවෙන් ප.ව. 6:44ට ගුවන් දොර විවෘත කර 6:50ට අභ්‍යවකාශයේ මූලික මොඩියුලය වන ටියාන්හේ වෙතින් පිට වූ අතර ෂායි ෂිගැන්ග් ප.ව.7:37 ට පිටත් වී තිබේ. ඔවුන්ගේ කණ්ඩායමේ සගයා වන වැන්ග් යැපින්ග් රොබෝ අතේ ආධාරයෙන් පරිදර්ශක කැමරාවක් පිටත එසවීම ඇතුළත් අමතර යාන්ත්‍රික ක්‍රියාකාරකම් සඳහා සහාය වීමට ඇතුළත රැඳී සිට ඇත.
CMSA ට අනුව, අභ්‍යවකාශ මධ්‍යස්ථාන මෙහෙයුම්වලදී අභ්‍යවකාශ ඇවිදීම හෙවත් බාහිර ක්‍රියාකාරකම් (EVAs) සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති අතර, චීන ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුමට ඉදිකිරීම් සහ ස්ථාවර ක්‍රියාකාරිත්වය සඳහා අනාගතයේදී නිතර නිතර හා සංකීර්ණ බාහිර ක්‍රියාකාරකම් (EVAs) සිදු කරනු ඇති බව කියයි.
චීනයේ අභ්‍යවකාශ වැඩසටහනේ මෙතෙක් පැවති දීර්ඝතම කාලය ලෙස මාස හයක් සඳහා ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානයෙන් ඔක්තෝම්බර් මාසයේදී ගගනගාමීන් තිදෙනෙකු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යවන ලදී. මෙමකණ්ඩායම නොවැම්බරයේ පැය 6.5ක බාහිර ක්‍රියාකාරකම් (EVAs) සිදුකළ අතර, එම කාලය තුළ ෂායි සහ වැන්ග් පිටතට ගිය අතර යේ ඇතුළත රැඳී සිටියහ.