ෂෙන්ෂෝ-13 ගගනගාමීන්ගේ අභ්‍යවකාශ ඇවිදීම සාර්ථකයි


චීන ෂෙන්ෂෝ-13 ගගනගාමීන් ප්‍රථම වරට අභ්‍යවකාශයේ සිදුකළ බාහිර ක්‍රියාකාරකම් (EVAs) හෙවත් අභ්‍යවකාශයේ ඇවිදිමින් සිදුකළ මෙහෙයුම සාර්ථකව සිදුකළ බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කරයි.

චීන ගගනගාමීන් තිදෙනෙකු ෂෙන්ෂෝ-13 යානයෙන් අභ්‍යවකාශයට ගිය අතර, ඔවුන් පසුගිය ඔක්තෝබර් 16 වැනි දින රටේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යානා එකතුවට ඇතුළත් විය.

ඔවුන් සිය බාහිර ක්‍රියාකාරකම් (EVAs) අවසන් කර නැවත අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලික මොඩියුලය වන ටියාන්හේ වෙත ආපසු ගොස් ඇති බවද එම ඒජන්සිය වැඩිදුරටත් පවසයි.

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එකතුව ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය, ටියාන්හේ ප්‍රධාන මොඩියුලය සහ ටියාන්ෂෝ-2 සහ ටියාන්ෂෝ-3 යන භාණ්ඩ ප්‍රවාහන යානා මගින් සෑදී ඇත.

අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු සඳහා චීන ගගනගාමීන් තිදනා රට තුළ මෙතෙක් සිදුකළ දීර්ඝතම අභ්‍යවකාශ මෙහෙයුමට සම්බන්ධ වී සිටිති.



Recommended Articles