ෂෙන්ෂෝ-12 චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වෙන් වෙයි


ෂෙන්ෂෝ-12 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය චීනයේ ටියාන්හේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන මොඩියුලයෙන් සාර්ථකව වෙන් වූ බව එරට අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කරයි.

දින 90ක් කක්ෂයේ ජීවත් වෙමින් සේවය කළ ගගනගාමීන් තිදෙනා චීන ඉතිහාසයේ වැඩිම කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමේ වාර්තාවක්ද මේ වනවිට පිහිටුවා තිබේ.

ප්‍රධාන මොඩියුලයෙන් වෙන්වීමට පෙර, කාර්ය මණ්ඩලය කාර්මිකයින්ගේ සහාය ඇතිව පර්යේෂණ දත්ත පෘථිවියට සම්ප්‍රේෂණය කිරීම සහ කක්ෂයේ පැවතීම සඳහා භාණ්ඩ වර්ග කිරීම සහ මාරු කිරීම ඇතුළු වැඩ රැසක් නිමකරමින් අධ්‍යයනයක්ද ලබාගත් බව චීනයේ අභ්‍යවකාශ ඒජන්සිය වැඩිදුරටත් පැවසීය.



Recommended Articles