ෂුරොන්ග් රෝවරය අඟහරු මත වැඩි දුරක් ගමන් කරලා


චීනයේ ෂුරොන්ග් රෝවරය අඟහරු ගවේෂණයේ යෙදෙමින් අද (11දා) රාත්‍රී 8.00 වනවිට රතු ග්‍රහලෝකයේ මීටර් 410කට වඩා වැඩි දුරක් ගමන් කළ බව චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.

ඒ අනුව මෙම මෙහෙයුම දියත් කළ ටියැන්වෙන්-1 චන්ද්‍රිකාව අඟහරු කක්ෂය වෙත ළඟාවී දින 353ක් ගතවී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

මෙම මෙහෙයුම සඳහා ටියැන්වෙන් -1 කක්ෂයේ රැඳෙන යානය, අඟහරු පෘෂ්ඨය වෙත ගොඩබසින ලෑන්ඩර් යානය සහ අඟහරු පෘෂ්ඨයේ ගවේෂණය සඳහා ගමන් කෙරෙන රෝවරයකින් සමන්විත වෙයි.

මෙහෙයුම 2020 ජූලි 23 වැනි දින දියත් කරන ලද අතර, රෝවරය රැගෙන යන ලෑන්ඩරය අඟහරුගේ උතුරු අර්ධගෝලයේ විශාල තැනිතලාවක් වන යූටෝපියා ප්ලැනිටියා හි දකුණු කොටසට ස්පර්ශ වූයේ පසුගිය මැයි 15දාය.



Recommended Articles